
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ දිනයේ (03) නිකුත්කළ VAT බදු සංශෝධන ගැසට් පත්‍රය අනුව එකතු කළ අගය මත බද්ද (VAT) 18% සිට 20.5% දක්වා වැඩිකර ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් පිරිස් කරුණු විකෘති කර අදහස් දක්වමින් තියෙනවා. මේක හරියට ලිහාගමු.
1. පොදු VAT බදු අනුපාතය වෙනස් වෙලා තියෙනවද?
නැහැ. සාමාන්‍ය භාණ්ඩ හා සේවා මත පනවා ඇති 18% ක VAT බදු ප්‍රතිශතයේ කිසිදු වෙනසක් සිදුකරලා නැහැ. අපි එදිනෙදා මිලදී ගන්නා භාණ්ඩ සඳහා මෙම සංශෝධනය බලපාන්නේ නැහැ.
2. එසේ නම් 20.5% කතාව මොකක්ද?
රජය විසින් නිකුත් කළ නව ගැසට් පත්‍රය මගින් සිදු කරලා තියෙන්නෙ මූල්‍ය සේවාවන් (Financial Services) සඳහා පමණක් අදාළ වන බදු ව්‍යුහය සරල කිරීමයි. එනම්:
* මූල්‍ය සේවා සඳහා මෙතෙක් පැවති VAT බද්ද: 18%
* මූල්‍ය සේවා සඳහා මෙතෙක් පැවති සමාජ ආරක්ෂණ බද්ද (SSCL): 2.5%
* නව සංශෝධනය: මෙම වක්‍ර බදු දෙකම එකට එකතු කර (18% + 2.5%) දැන් 20.5% ක තනි බද්දක් ලෙස හඳුන්වා දී ඇත.
3. මෙයින් පාරිභෝගිකයාට / අපට අමතර බරක් පැටවෙනවාද?
නැහැ. මින් පෙරද පාරිභෝගිකයා මෙම බදු දෙකම වක්‍රව ගෙවනු ලැබුවා. දැන් සිදුකරලා තියෙන්නෙ බදු වර්ග දෙකක් වෙනුවට එක් බදු ප්‍රතිශතයක් ලෙස එය ප්‍රකාශ කිරීම පමණයි. ඒ අනුව පාරිභෝගිකයාගේ සාක්කුවට මෙයින් අලුතින් බලපෑමක් ඇති වෙන්න හේතුවක් නැහැ.
4. රජය මෙවැනි වෙනසක් කළේ ඇයි?
මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණු කිහිපයකි:
* බදු සංකීර්ණතාව ඉවත් කිරීම: බදු වර්ග කිහිපයක් වෙනුවට තනි බද්දක් ක්‍රියාත්මක කිරීමෙන් පරිපාලන කටයුතු පහසු වීම.
* බදු අය කර ගැනීම පහසු කිරීම: ඇතැම් ආයතන පාරිභෝගිකයාගෙන් බදු අය කර ගත්තද, විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් රජයට එම බදු අය කර ගැනීමේ අපහසුතා තිබුණා. මේ තනි කැටගරි එකකට බදු වර්ග දෙකම ඇතුළත් කිරීම නිසා අදාළ බදු මුදල් පහසුවෙන් අයකර ගත හැකි වෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart