May 29, 2025

ගල්ඔය වැවලි සමාගමට මත්පැන් බෝතල් කිරීමේ කම්හලක් ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍රයක් ලැබීම සම්බන්දයෙන්, සීමාසහිත ගල් ඔය වැවිලි සමාගමේ කළමනාකරණ සමාගම වන සීමාසහිත ගල් ඔය හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහිදී ගල්ඔය හෝල්ඩිංග්ස් පවසන්නේ, ගල්ඔය වැවිලි සමාගමේ 51%ක හිමිකාරිත්වය මහා භාණ්ඩාගාරය ඔස්සේ රජය සතු වන බැවින්, අදාළ බලපත්‍රය හිමිවී ඇති සමාගම, කිසිදු පුද්ගලයකුට හෝ පෞද්ගලික අංශයේ සමාගමකට අයත් නොවන බවයි.

සීමාසහිත ගල්ඔය වැවිලි සමාගමේ පෞද්ගලික අංශයේ හිමිකාරිත්වය 49% ක් පමණක් වන අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයක් ශ්‍රී ලංකා රජය විසින් පත්කරනු ලැබ ඇති බව අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.