April 23, 2023

උතුර සහ නැගෙනහිර පළාත්වල ලබන අප්‍රේල් 25 වැනිදා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම හර්තාල් ව්‍යාපාරය දෙමළ ජාතික සන්ධානය (TNA) සහ උතුර සහ නැගෙනහිර පළාත්වල අනෙකුත් දේශපාලන පක්ෂ එක්ව සංවිධානය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පවසයි.

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා සිටීම මෙම ව්‍යාපාරය සංවිධානය කිරීමේ අරමුණ බවද ඔහු පෙන්වාදෙයි.