
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ පෞද්ගලික නිවසට එවා තිබියදී ඔහු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර නැවත හරවා යවා ඇත.
මෙම වාර්තාව තමාගේ පෞද්ගලික පරිශීලනය සඳහා නොව, සමස්ත කාරක සභාවේම පරිශීලනය සඳහා ඉල්ලා සිටි එකක් බැවින් එය නිවසට නොව පාර්ලිමේන්තුවට නිල වශයෙන් භාරදිය යුතු බව පවසමින් සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා ඇත්තේ ”රාජ්‍ය මුදල් පිළිබඳ උපරිම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මෙම වාර්තාව මගේ පෞද්ගලික පරිශීලනයට යැයි පවසමින් නිවසට එවීම හරහා පාර්ලිමේන්තුවට සහ මුදල් කාරක සභාවට ඇති වගකීම උදුරා ගැනීමක් සිදුවනවා. ඒ නිසයි මම එය භාර නොගෙන වහාම පාර්ලිමේන්තුවට භාර දෙන ලෙස දන්වා හරවා යැවුවේ.”යනුවෙනි.
මෙම වාර්තාව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු, කාරක සභාව නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන්ට ද එය පරිශීලනය කිරීමට අවස්ථාව ලැබෙන බවත්, ඉන් අනතුරුව ඉදිරි දින කිහිපය ඇතුළත එය කාරක සභාව හමුවේ දීර්ඝ ලෙස සාකච්ඡාවට ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart