
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එංගලන්ත සංචාරයේ නිරත ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ පවතින දුර්වල ක්‍රීඩා විලාසය සහ පිතිකරණයේ පිරිහීම සම්බන්ධයෙන් එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් දැඩි විවේචන එල්ල කර තිබේ. දෙවැනි T20 තරගයෙන් ද කඩලු 6ක පරාජයක් ලබා තරගාවලිය 2-0ක් ලෙස එංගලන්තයට පරාජය වීමෙන් අනතුරුව Sky Sports නාලිකාව සමඟ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
අතීතයේ තමන් දුටු කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ මාවන් අතපත්තු වැනි ප්‍රබල ක්‍රීඩකයන්ට සාපේක්ෂව වර්තමාන කණ්ඩායම ඉතා පහළ මට්ටමක පසුවන බව නසාර් හුසේන් පැවසීය.
විශේෂයෙන්ම එංගලන්ත තණතීරු තුළ මුල සිටම දැඩි ලෙස පන්දුවට පහරදීමට යාමෙන් පිතිකරුවන් අසාර්ථක වන බවත්, පන්දුවට පහරදීමේ නිසි කාලවේලාව (timing) සහ පරතරයන් තෝරාගැනීම (placement) ඔවුන් ප්‍රගුණ කළ යුතු බවත් ඔහු පෙන්වාදුන්නේය.
මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම්, ස්ථාවරත්වය සහ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව ප්‍රවීන ක්‍රීඩක කුමාර් සංගක්කාරද ප්‍රශ්න කර සිටියේය.
ප්‍රධාන දඟපන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ කණ්ඩායමෙන් ඉවත් කර කමිල් මිෂාර අංක 3 ස්ථානයට කැඳවීම වැනි තීරණ පිළිබඳව ඔහු සිය අප්‍රසාදය පළකළේය.
එංගලන්තයට එරෙහිව අඛණ්ඩව ලැබූ 14 වන T20 පරාජයත් සමඟ, ශ්‍රී ලංකාව තවමත් T20 ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ පසුවන අතර, බලාපොරොත්තු වන මට්ටමට පැමිණීමට කණ්ඩායමට තව බොහෝ දුර යා යුතුව ඇති බව නායක චරිත් අසලංක ද පිළිගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart