
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය හරීනි අමරසූරිය දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ රැස්වීමට සහභාගී වීම සඳහා අද (24) දින කැනඩාව බලා පිටත්ව ගිය බව අගමැති කාර්යාලය පවසයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීම ජුනි 24 සිට 26 දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත්වේ.
ළමුන් සහ කාන්තාවන්ගේ අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ක්‍රියාකාරී ඉගෙනීම වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීම යන ප්‍රධාන අංශ කෙරෙහි සමුළුවේ අවධානය යොමුකෙරේ.
නවෝත්පාදන හා පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ඵලදායී අධීක්ෂණ සහ ඇගයීම් රාමු ක්‍රියාත්මක කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම යන මාතෘකා කෙරෙහි ද සාකච්ඡා කිරීම සඳහාද එහිදි අවධානය යොමු කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart