
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් නැරඹීමට තමන් රෝහලට ගිය බවට පුවතක් ප්‍රචාරය කළ හිරු මාධ්‍ය ජාලයට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අභියෝගයක් කර තිබේ.
ජනමාධ්‍ය හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය එම ජනමාධ්‍ය ආයතනයට පැවසුවේ, ඇය එලෙස රෝහලට ගිය බවට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි.
රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ සමඟ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය රෝහලට පැමිණි බවට හිරු ප්රවෘත්ති මගින් ඉකුත් දා වාර්තා කර තිබිණි.
“මම ගියා නම් කවුරුහරි මාව දැක්කද, ඡායාරූපයක් තියෙනවද? අගමැති විදියට මට ඕන විදියට කිසිම තැනකට යන්න බැහැ. ඒ නිසා මට හොරෙන් කිසිම තැනකට යන්න බැහැ. ඒ නිසා දැන් ඔප්පු කරන්න මම රෝහලට ගියා කියලා.” අදාළ නාලිකාවේ නියෝජිතයකු ජනමාධ්‍ය හමුවට පැමිණ සිටියේ දැයි විමසමින් අග්‍රාමාත්‍යවරිය එහිදි පැවසුවේ අදාළ ප්‍රවෘත්තිය සත්‍ය බව ඔප්පු කර පෙන්වන ලෙසයි.
“මම ඔබට අභියෝග කරනවා මම රෝහලට ගියා කියලා ඔප්පු කරන්න කියලා. එහෙම වුණොත් මම බොරු කිව්වා කියලා ඔප්පු වෙනවා, ඒකෙන් ප්රශ්නය විසඳෙනවා” අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart