
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව සළකා බලන ලෙස, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (Board of Control for Cricket in India – BCCI) ලේකම්, ජේ ෂාගෙන් නිල වශයෙන් ඉල්ලා ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පැවැසීය.
ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
“මම මෑතකදී BCCI ලේකම් ජේ ෂා සමඟ හදිසි හමුවක් පැවැත්වූ අතර, එහිදී අපි රාජ්‍ය තාන්ත්‍රික ගැටළු සාකච්ඡා කළා. එළඹෙන IPL තරඟාවලියේ තරඟ තුනක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අදහස මම යෝජනා කළා. මෙම තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව උදාකර ගැනීම අපට සුවිශේෂී ජයග්‍රහණයක්” යැයි ඇමැතිවරයා සදහන් කළේය.
මෙය ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාවක් ලෙස දකින බවද හෙතෙම පැවැසීය.
මෙම වසර අවසානයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක් සභා මැතිවරණයත් සමඟ IPL 2024 කාලසටහන වෙනස් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart