
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් ග්‍රෑම් 10.87ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස නම් කොට තිබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගේ සගයකු යැයි කියන මාගලගේ ගයාන් ප්‍රබෝධ කුමාර නොහොත් ‘කදිරා’ නමැත්තා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල ඊයේ (07දා) නියෝග කළේය.
එකී විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනාවල වියහැකිභාවය තම අධිකරණය හමුවේ සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
සිය සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් එකී චෝදනා සනාථ කළ හැකි කිසිම සාක්ෂියක් ඉදිරිපත්කොට නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ විත්තිකරු නිදහස් කරන ලෙස නීතිඥ සාරංග වාදසිංහ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart