
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පවතින ඛනිජ වැලි සම්පත උපයෝගී කරගනිමින් මෙරට තුළම ටයිටේනියම් ලෝහය නිෂ්පාදනය කිරීමේ මහාපරිමාණ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඩුබායි රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Dubal Holding L.L.C ආයතනය සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
ඩුබායි හි Dubal Holding සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් බින් ෆහාඩ් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරතව ඇත.
රාජ්‍ය සතු ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට Dubal Holding සමාගම බලාපොරොත්තු වෙයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා පවසා සිටියේ, අදාළ ටයිටේනියම් නිෂ්පාදන ආයෝජනය වෙනුවෙන් රජය විසින් දැනටමත් කැඳවා ඇති “අභිලාෂය ප්‍රකාශ කිරීමේ” (Expressions of Interest – EOI) නිල ක්‍රියාවලියට කඩිනමින් ඉදිරිපත් වන ලෙස සමාගම් නියෝජිතයින්ට දැනුම් දුන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart