September 18, 2025

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ විදේශ ගමන් තහනමක් මත තුසිත හල්ලොලුව මහතාට ඇප නියම කර ඇත.

හල්ලොලුව නැමැත්තෙක් ගමන්ගත් මෝටර් රථයකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පිළිබඳව විමර්ශන පැවැත්වේ.