
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය ආනාවරණය කරයි.
කෙසේ වෙතත් මේ අතුරින් යළි පවරා ඇත්තේ නඩු විස්සක් පමණක් බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.
එමෙන්ම අල්ලස් කොමිසම පැවරූ නඩු 18ක චූදිතයන් 2021 වර්ෂයේදී නිවැරැදිකරුවන්වී තිබූ බවත්, වැරදිකරුවන්වී ඇත්තේ නඩු 11ක චූදිතයන් පමණක් බවත්, එම වාර්තාවේ දැක්වේ.
එම කොමිෂන් සභාව පසුගිය 2021 වර්ෂයේදී නඩු 69ක් අවසන් කර තිබූ නමුත්, ඉන් නඩු 40ක් පසුව ඉල්ලා අස්කරගෙන ඇතැයි පවසන විගණන කාර්යාලය එය මුළු නඩු සංඛ්‍යාවෙන් සියයට පනස් 58ක ප්‍රතිශතයක් බව සඳහන් කරයි.
මේ අතර එම කොමිෂන් සභාවේ නීති අංශයේ වැඩ අවසන් නොකළ ලිපිගොනු 1508ක් ඇති බවත්, ඉන් ලිපිගොනු 489ක් වසර පහකට වැඩි කාලයකට අයත්වූ ඒවා බවත්, වාර්තාවේ දක්වා තිබේ.
අවසන් නොකළ ලිපිගොනු 926ක් පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා තෙක්ම පැවතුණු නමුත්, ඒ පිළිබඳ වාර්තා විගණනයට ඉදිරිපත් නොවුණු බව විගණන නිලධාරීහු පවසති.
මෙරට අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහාවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කර වසර තුනහමාරක් පමණ ගත වී ඇතත්, එහි සඳහන් කාර්යයන් 27න් ක්‍රියාත්මක කර ඇත්තේ කාර්යයන් 11 පමණක් බවද වාර්තාවේ සඳහන් වේ.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 36ක්ද, තෘතීක මට්ටමේ පුරප්පාඩු 203ක්ද, ද්විතීක මට්ටමේ පුරප්පාඩු 158ක්ද, ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 56ක් සහ විමර්ශන කාර්ය මණ්ඩල පුරප්පාඩු 15ක්ද පසුගිය වසරේදී පැවති බව විගණන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart