
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගමුව කළපුව හරහා මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට සැකකරන උර 19ක අසුරන ලද බීඩි කොළ කිලෝග්රෑම් 557කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්රා දෙකක් ඊයේ (18) නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා වෙරෙළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සහ සෝදිසි මෙහෙයුම් සිදුකෙරේ.
ඒ අනුව, බටහිර නාවික විධානය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙසේ ඩිංගි යාත්රා දෙක සොයාගෙන ඇත.
හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්රෑම් 557කට අධික තොගය සහ ඩිංගි යාත්රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart