
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටාර් එයාර්වේස් ගුවන් සේවයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක වන චේකා වීරකෝන් විසින් තබන ලද හෘදයාංගම ෆේස්බුක් සටහනක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ සුවිශේෂී අවධානයක් යොමු වී තිබේ.
ජර්මනියේ නිල සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක නැවත මෙරටට පැමිණෙන අතරතුර, ඔහු සමඟ ඇති වූ හෘදයාංගම කතාබහ පිළිබඳව චේකා වීරකෝන් පළකර තිබූ සටහන සහ එහි සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.
“යාලුවනේ..!! මට අපේ ජනාධිපතිතුමාව මුණගැහුණා ♥️
මම ලංකාවට, මගෙ මවු රටට යන ගමන් අපේ ජනාධිපතිතුමාව මුණගැහෙන්න ලැබුණා.
මම හිටියෙ දෝහා ඉඳන් කොළඹ යන ගුවන් යානයයේ වැඩ කරන ගමං.
ඇත්තටම ඔහු කරුණාවන්ත සහ නිහතමානි කෙනෙක්. මට හිතුනෙවත් නෑ මේ මම කතා කරන්නෙ අපේ රටේ ජනාධිපති එක්ක කියලා..
මම සහ මගේ මිතුරිය ඉමාරාත් එක්ක ගිහින් ඔහු එක්ක ෆොටෝ එකක් ගන්න බැලුවත් සුව නින්දක හිටපු නිසා කරදර කළේ නැහැ.
ටික වෙලාවකින් ඔහු ඇහැරලා washroom ගිහින් refresh වෙලා එනකන් අපි එළියට වෙලා බලාගෙන හිටියා.
ඔහු අප සමඟ ඡායාරූපයක් ගන්න කැමති වුණා. ඊටත් වඩා එතුමා අපිත් එක්ක විනාඩි 15කට වඩා හිටගෙනම කතාකර කර හිටියා.
ඔහු කොයි තරම් කරුණාවන්තද කියනවනං, අපි මේ කතා කරන්නෙ ජනාධිපති තුමා එක්ක නේද කියන එක අමතක උණා.
විනාඩි පහකට විතර පස්සේ, අපේ සුපවයිසර් අපි එයාට කරදර කරනවද කියලා බලන්න ආවා.
ඒත් ජනාධිපතිතුමා හිනාවෙලා කිව්වා, “නෑ, කමක් නෑ, මේ ඉන්නෙ මගේ අය” කියලා🥺
ඒ මොහොත මට හරිම ආඩම්බරයක් දැනුණා. මම වැඩකරන ගුවන් යානයකම යන අපේ රටේ ජනාධිපති තුමා මුණගැහිලා කතා කරන්න පුළුවං උණ එකම හරි හාග්‍යයක්. ♥️”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart