
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ උඩපේරාදෙණිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාලීය සිසුන් පිරිසක් හා ප්‍රදේශවාසී තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවල ලත් සිසුන් තිදෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර තිබේ.
තුවාල ලබා රෝහල් ගත කළ සිසු පිරිස අතර පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති රජිත මලලසේකර සිසුවා ද සිටින බව පොලිසිය පවසයි.
මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා ඇතුළු සිසු සිසුවියන් අට දෙනකු සමග දිය නෑම සඳහා උඩ පේරාදෙණියේ පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් ඌරුකොටුව ආසන්නයේ ඇති දිය ඇල්ලක් වෙත පෙරේදා (15 දා) පස්වරුවේ ගොස් ඇත.
සිසු පිරිස දිය නාමින් සිටියදී ප්‍රදේශවාසී තරුණයින් සිව්දෙනකු එම ස්ථානයට පැමිණ විශ්වවිද්‍යාලීය සිසුවියන්ට උසුළු විසුළු කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම ගැටුම ආරම්භ වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සිසුවියන්ගේ දැනුම්දීම මත පශු වෛද්‍ය පීඨයේ තවත් සිසු පිරිසක්ද එම ස්ථානයට පැමිණීමත් සමග ප්‍රදේශවාසී තරුණයින් සිව්දෙනා බිඳින ලද බෝතල්වලින් ඔවුන්ට පහර දී තිබෙන බව වාර්තාවේ.
තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිසුන් තිදෙනා අතරින් බරපතළ කැපුම් තුවාල ලබා සිටි එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පශු වෛද්‍ය පීඨයේ සිසුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කළ පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බව කියන තරුණයින් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart