
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික වාහන හැර අනෙකුත් සියලුම වාහන සඳහා පනවා ඇති ආනයන සීමා 2023 වසර අවසන් වන විට ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
විශේෂයෙන්ම තිරිඟු පිටි සහ ටයිල් ආනයනය පාලනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන දෙබිඩි පිළිවෙත සලකා බලා, එවැනි සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කමිටුව විසින් කාල රාමුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් මේ බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කර ඇත.ර ඇත.
ඒ අනුව, 2023.07.20 දිනැති 2341/38 අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි, කමිටුව විසින් සැලකිල්ලට ගෙන කමිටුව විසින් අනුමත කර තිබේ.
ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කාරක සභාවේදී 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝගය ද සළකා බලා අනුමත කර ඇත.
ඒ අනුව, පළමු වරට සංක්‍රමණ දීමනාව ඉල්ලා සිටින විදේශගත වන්නන් සඳහා සුදුසුකම් ලත් සංක්‍රමණ දීමනාව ඩොලර් 30,000 සිට උපරිම ඩොලර් 50,000 දක්වා හෝ වෙනත් නම් කරන ලද විදේශ මුදලකින් ඊට සමාන අගයක් දක්වා වැඩි කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart