
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මැයි මාසයේ 16 වැනිදා කොස්ගම, තාවල්ගොඩ ඇලේ දිය නාන්න ගිහින් අවාසනාවන්ත විදිහට දියේ ගිලිලා මියගිය තරුණයන් දෙන්නා ගැන ඔබට මතක ඇති. මුළු පළාතම හඬවලා මේ තරුණයන් දෙන්නාගේ දේහයන් කොස්ගම පරණගම පොදු සුසාන භූමියේ මිහිදන් කළේ මීට මාසෙකට විතර කළින්.
හැබැයි, පස් යට සැතපෙන මේ තරුණයන් දෙන්නට ඒ විදිහටවත් නිදහසේ ඉන්න ඉඩ නුදුන්නු අමුතුම විදිහේ හොල්මන් කතාවක් දැන් කොස්ගම පැත්තෙන් වාර්තා වෙනවා.
පසුගිය 14 වැනිදා අලුයම, කවුරුත් නිදාගෙන ඉන්න වෙලාවක හොර රහසේම සොහොන් පිට්ටනියට රිංගපු කණ්ඩායමක්, මේ මියගිය තරුණයන්ගේ මිනීවළ අඩි 2ක් විතර ගැඹුරට හාරලා! ඒ විතරක් නෙවෙයි, මිනීවළ අයිනේ තියාගෙන මහා තොවිලයක්, ඒ කියන්නේ අභිචාර කර්මයක් කරලා තියෙනවා.
පස්සේ මේ ගැන මියගිය තරුණයන්ගේ දෙමාපියන්ට ආරංචි වෙලා, ඔවුන් අඬා වැලපෙමින් කොස්ගම පොලිසියට දුවලා ගිහින් පැමිණිලි කරලා තියෙන්නේ තමන්ගේ දරුවන්ට මරණින් පස්සෙවත් නිවනක් නැද්ද කියලා අහමින්.
පැමිණිල්ල ලැබුණු සැනින් ක්‍රියාත්මක වුණු කොස්ගම පොලිසියේ නිලධාරීන්, සොහොන් භූමිය අසල තිබුණු ගෙදරක CCTV කැමරා පරීක්ෂා කරලා තියෙනවා. එතැනදී තමයි වැඩේ මාට්ටු වුණේ! අලුයම් කාලයේ සොහොන පැත්තට ගිය, මොනවා හරි බඩු වගයක් පටවගත්තු කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් කැමරාවේ සටහන් වෙලා තිබුණා.
ඒ ඔස්සේ පන්නපු පොලිසිය ලොරි රථයේ අයිතිකාරයාව කුදලාගෙන ඇවිත් ප්‍රශ්න කරද්දී තමයි මුළු රහසම එළියට ඇවිත් තියෙන්නේ.
“අනේ සර්… මගේ බිරිඳට සනීප නැති නිසා මම මහියංගනයෙන් කට්ටඩියන් සෙට් එකක් ගෙන්නුවා තොවිලයක් කරන්න. ඒ අය තමයි කිව්වේ මේ වළ ළඟ තොවිලය කරන්න ඕනේ කියලා…” කියලා සැකකරු පොලිසිය ඉස්සරහා අඬමින් කියලා තියෙනවා.
තමන්ගේ බිරිඳගේ ලෙඩේ සුවකරන්න, අනුන්ගේ දරුවන්ගේ සොහොන් ගැබ් හාරන මෙන්න මේ වගේ මිථ්‍යා විශ්වාස පස්සේ යන මිනිස්සු අදටත් අපේ රටේ ඉන්නවා කියන එක නම් ඇත්තටම කණගාටුදායකයි.
කොහොම වුණත්, දැනට ලොරි අයිතිකාරයා පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, සොහොන් පිටියේ තොවිල් නටලා මාරුවුණු මහියංගනයේ ‘යකැදුරු සෙට් එක’ අත්අඩංගුවට ගන්න කොස්ගම පොලිසිය දැන් විශේෂ මෙහෙයුමක් දියත් කරලා තියෙනවා.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart