July 25, 2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන ‘ඩීල් එකක්’ පවතින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සිකුරාදා (24) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා කියාසිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා පවත්වා ඇති බවයි.

රජීව් අමරසූරියගේ සහාය ලබාගැනීම වෙනුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇති බවට ද මන්ත්‍රී නිරෝෂණ වැඩිදුරටත් චෝදනා කළේය.