
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බව රාජ්‍ය නිලධාරි කවයේ ප්‍රසිද්ධ රහසකි.
තම ගම්බිම් අසලට ස්ථාන මාරුවීම් ලබාගැනීමේදී ගැටලුවලට මුහුණදෙන අය හෝ තමන් කැමති වෙනත් ස්ථානවල ස්ථාන මාරුවීම් ලබාගැනීමට උනන්දුවන අය බොහෝ විට ‘ඕනෑම මිලකට’ දේශපාලන බලපෑම් භාවිත කරන බව කියනු ලැබේ.
පසුගියදා යාපනයේ පැවැති උත්සවයකදී, උතුරේ ආණ්ඩුකාර එන්.වේදනායගන් කියාසිටියේ, ස්ථාන මාරු ලිපි ලැබීමෙන් අනතුරුව නිලධාරීන් කිහිපදෙනෙකු බෝ නොවන රෝගවලින් රෝගාතුර වී ඇති බවයි.
එසේම සමහරුන්ට ස්ථාන මාරු ලිපියක් ලැබීමෙන් පසුව පමණක් තම වයෝවෘද්ධ මාපියන් රැකබලා ගැනීමේ අවශ්‍යතාව ඇතිවී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
වෙනත් දිස්ත්‍රික්කයක හෝ පළාතක රැකියාවක් නොකිරීමට කැමති අය විසින් ඉදිරිපත් කරන ලද මෙම හේතු ඉතා සුලභ බව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.
“මාරුවීම් සම්බන්ධයෙන් ගත්කල, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් අසනීප වී හෝ ඔවුන්ගේ උපරිම හැකියාවෙන් තම දෙමාපියන් රැකබලා ගන්නා බව අපට දැනුම්දීලා තියෙනවා. බොහෝ දරුවන් තම දෙමාපියන් වැඩිහිටි නිවාසවලට දමන බවට පොදු මතයක් තිබෙනවා. නමුත් ඔවුන්ගේ දෙමාපියන්ට සැබවින්ම සළකන දරුවන් සිටීම ගැන මම සතුටු වෙනවා. එයාලගේ වයසක අම්මලා තාත්තලා එයාලගේ අලුතින් මාරු කරපු ප්‍රදේශයටත් ගෙනාවොත් හොඳයි.” ආණ්ඩුකාරවරයා පැවසීය.
ආණ්ඩුකාරවරයා එසේ ප්‍රකාශය කරන විට රැස්ව සිටි සමහර රාජ්‍ය නිලධාරීහු, ඔහු උපහාසාත්මක ලෙස කතා කරන්නේද, එසේත් නැතිනම් තම දෙමාපියන් කෙරෙහි ඔවුන්ගේ වගකීම් සැබවින්ම අගය කරන්නේද යන්න ගැන කල්පනා කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart