
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන සහ මහජන සහයෝගය නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් අනුමත කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිහිපයක් රජය විසින් අත්හිටුවීමට නියමිත බව නිල ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය අංශයේ වැටුප් සහ රාජ්‍ය විශ්‍රාම වැටුප් වියදම්වල වර්ධනය සීමාකිරීමට උපාය මාර්ග සකස් කිරීම මගින් බදු එකතු කිරීමේ ආයතනවල ක්‍රියාකාරිත්වය වැඩිකිරීම, වියදම් තාර්කිකකරණ ක්‍රියාමාර්ග අනුගත කිරීම සඳහා ආදායම් එකතු කිරීමේ අධිකාරීන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඇතුළු ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ IMF වැඩසටහන යටතේ සිදුකළ යුතුව ඇත.
මෙම ප්‍රතිසංස්කරණ මගින් දිගු කාලීනව පමණක් ප්‍රතිලාභ ජනනය කළ හැකි අතර, කෙටි කාලීනව එහි ප්‍රතිඵල ජනතාවට නොලැබෙන බැවින්, ඒවා ක්‍රියාත්මක කළහොත් සමාජ අසහනය සහ මහජන උද්ඝෝෂණ ඇති කරනු ඇති බව රජය නිරීක්ෂණය කර ඇත.
විශේෂයෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ වලදී, මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙන් මතුවන ජනතා විරෝධය ආණ්ඩුවට අවාසි සහගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය මැතිවරණ අපේක්ෂාවන්ට බලපාන්නේ නැතිනම්, රාජ්‍ය අංශයේ ආයතනික ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකළ හැකි නමුත්, දුර්වල ආර්ථික ක්‍රියාකාරකම් පවතින කාල වකවානුවක් තුළ එවැනි ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙන් විශාල දේශපාලනික පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බව රජයේ අදහස වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart