
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිල්කෝ සහ NLDB ඉන්දියාවේ අමුල්ට විකුණන රනිල්ගේ තීරණේ අනුරගේ ආණ්ඩුව ආපහු හැරෙව්වේ ඇයි ?
කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ දියුණුව සම්බන්ධයෙන් ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳගැනීමේදී නව ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ තීරණය ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොමැති බව තතුදත් ආරංචි මාර්ග පවසයි.
පසුගිය ආණ්ඩුව සමයේ, ශ්‍රී ලංකාව සිය කිරි නිෂ්පාදනය ස්වයංපෝෂිත කිරීම සහ ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන අමුල් (Amul) වෙතින් සහාය ඉල්ලා තිබුණි.
අනතුරුව ශ්‍රී ලංකාවේ රජයට අයත් කිරි සමාගමක් වන මිල්කෝ සහ කිරි ගොවිපලවල් ශ්‍රී ලංකා-ඉන්දියා හවුල් ව්‍යාපාරයකින් ඉන්දියාවේ අමුල් කිරි සමාගමට පවරා ගැනීමට නියමිත බවට වාර්තා විය.
අමුල් ඉන්දියාවේ ගුජරාටයේ ආනන්ද් හි පිහිටි ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ හිමිකාරිත්වය යටතේ පවතී. එය මිලියන 3.6 ක් කිරි නිෂ්පාදකයන් විසින් පාලනය කරනු ලැබේ.
පසුගිය රජය මේ සම්බන්ධයෙන් මූලික ගිවිසුමක් අත්සන් කර තිබුණි.
එවකට විපක්ෂය නියෝජනය කළ පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති ඊට විරෝධය පළකළේය.
වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුව පසුගිය පාලනයේ සැලැස්ම සමඟ ඉදිරියට නොයන බව වාර්තා වේ.
පසුගියදා සිදුකෙරුණු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ සහයෝගීතාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නායකයන් සාකච්ඡා කර තිබේ.
ස්වයංපෝෂිතභාවය සහ පෝෂණ සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා පවතින සහයෝගීතාවය නායකයන් දෙපළ අගය කළ බව සංචාරයෙන් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.
කෙසේවෙතත් පසුගිය ආණ්ඩුව සමඟ ඇතිකරගත් අවබෝධතා අනුව අමුල් සමාගම සම්බන්ධ කරගැනීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැත.
එමෙන්ම රාජ්‍ය වත්කම් සම්පූර්ණයෙන්ම විකිණීමට නව පාලනය විරුද්ධ බව තතුදත් ආරංචි මාර්ග පවසයි.
මේ අතර පකිස්ථානයෙන් නව කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart