January 5, 2026

තෙල් ආනයනය සඳහා දරන වියදම් වෙනුවට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම වර්තමානයේදී රටට ගැලපෙන පියවරක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පුනර්ජනනීය බලශක්තිය යනු ශ්‍රී ලංකාවට විදේශ විනිමය සැලකිව යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගතහැකි මාර්ගයක් බව ද ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රජය පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් දරණ ස්ථාවරය තවමත් අවිනිශ්චිත බවයි.

මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ පුනර්ජනනීය බලශක්තිය හැකිතරම් ප්‍රවර්ධනය කිරීම බව ද ඔහු පැවසුවේය.

ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පැවසූ මන්ත්‍රීවරයා තමන් මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම දක්වා සිටියේ එහි පවතින අවශ්‍යතාව හේතුවෙන් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.