
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිසුන් 50ට අඩු පාසල් වසාදැමීමට රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා පිළිබඳ පැහැදිළි කරන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, එම පාසල් සියල්ල එකවර වසාදැමීමට තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ ඒ පාසල්වල තත්ත්වය අනුව අවශ්‍ය තීරණ ගන්නා බව ද එම අමාත්‍යංශය පවසයි.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් 1000කට වැඩි සංඛ්‍යාවක් වසාදැමීමට ඉඩ ඇති බවට කෙරෙන ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ජනමාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, එක් එක් පාසලේ තත්වය අනුව තීරණ ගන්නා බවයි.
අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලුම පාසල් වසාදැමීමට කිසිදු සූදානමක් නොමැති බවත්, පළමුව අදාළ අධ්‍යාපන කලාපයේ පාසලක් සංවර්ධනය කර පසුව පමණක් තීරණය කරන බවත් ඔහු පවසයි.
ප්‍රදේශයේ වෙනත් පාසල් තිබියදී සිසුන් අඩුවෙන් ඇතැම් පාසල් පවත්වාගෙන යෑමේ අරමුණක් නොමැති බවත්, එවැනි අවස්ථාවලදී රජයට ඒවා වසාදැමිය හැකි බවත් ඔහු පෙන්වාදෙයි.
සෑම අධ්‍යාපන කලාපයකම පාසල් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවත්, යම් පාසලක් පවත්වාගෙන යෑම ප්‍රායෝගික නොවන බව ඔප්පු වන විට පමණක් වසාදැමීම සලකා බලන බවත් ඔහු පැහැදිළි කරයි.
දිවයින පුරා පිහිටි පාසල් 10,194න් සමස්ත පාසල් 1,486ක සිසුන් 50 ට අඩු සංඛ්‍යාවක් සිටින බව පසුගියදා වාර්තා විය.
එවැනි පාසල් අතරින් උතුරු පළාතේ 275ක, මධ්‍යම පළාත 240, සබරගමුව පළාත 230, ඌව පළාත 158, නැගෙනහිර පළාත 141, වයඹ පළාත 133, දකුණු පළාත 125, උතුරු මැද පළාත 111 සහ බස්නාහිර පළාත 113 ඇතැයි වාර්තා විය.
සිසුන් අඩු පාසල් වසාදමා, ඒවායේ සිසුන් අවට පාසල්වලට යොමුකිරීමට පියවර ගන්නා බව අදාළ බලධාරීන් පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart