
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මඟින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත.
දැනට පවතින මැතිවරණ නීතිරීතිවලට අනුව සෑම ඡන්ද විමසීමකදීම ඡන්ද දායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් අනන්‍යතාව තහවුරු කිරීම සහ නොමැකෙන තීන්ත භාවිතයෙන් ඇඟිල්ල සලකුණු කිරීම අනිවාර්ය කර තිබිණි.
හොර ඡන්ද දැමීම හෝ එක් අයෙකු එක වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීම මෙම ක්‍රමවේද දෙකෙහිම මූලික අරමුණ වේ.
ඒ අනුව, එකම අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීම හේතුවෙන්, ඡන්ද මධ්‍යස්ථාන තුළ සිදුවන රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාවට බාධා පැමිණීම, මැතිවරණ පැවැත්වීමේදී රජයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු වීම, යන කරුණු නිරීක්ෂණය වී ඇති බැවින්, නොමැකෙන තීන්ත භාවිතය පිළිබඳ නීතිමය ප්‍රතිපාදන මැතිවරණ පනත්වලින් ඉවත් කිරීම යෝග්‍ය බව රජය තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart