
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා වන නීති ඉදිරි වසර හතරහමාරක කාලය තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“මේ පනතට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. මොකද මේ කරුණ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගත වන දෙයක්. අපි පැහැදිලි කළේ වටේ යෑමක්වත් ක්‍රියාත්මක නොකර සිටින දෙයක්වත් නොවෙයි. නමුත් යමක් සිදු කිරීමේදී ඇමැතිවරුන්ට තනියම කරන්න බැරි දේවල් තිබෙනවා. අපේ රජයට තව වසර හතරහමාරක් තිබෙනවා. මේ වැඩේ කරන්න අපිට තව අවුරුදු හතරහමාරක් යන්නෙ නැහැ. ඒක කිරීමේදී ගතයුතු පියවර තිබෙනවා. ඒවා කරනවා. නොකර ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ. අප මේක සාර්ථකව කරනවා. මේක කඩිනමින් කරනවා.
මේ සම්බන්ධයෙන් සහ තවත් අණ පනත් හැට ගණනක් අධ්‍යයනය කරමින් සිටිනවා. මේවාට ක්‍රමවේද සකස් කළ යුතුයි. නීති කොමිසමට මේක දැම්මා. මේ මාස හතරහමාරේ කරන්න පුළුවන් වුණේ ඒක විතරයි. තව කාලය තිබෙන නිසා එම කාලය ඇතුළේ අපි මේක කළේ නැත්තම් අපිව විවේචනය කරන්න. කරන ක්‍රමවේදය, කරන විදිහයි අපි අවධානය යොමු කළ යුත්තේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart