August 22, 2025

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමේ ගැසට් පත්‍රය ලබන මස මුලදී නිකුත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද පැවැසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න යටතේ වන කමිටුවේ වාර්තාව ලබන මස මුලදී අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නව නීතියක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආදේශ කරන බවද ඔහු පැවසීය.