
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව සහ රාජාංගනය යන වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත ඉදිරිපත් කර ඇත.
පහතින් දැක්වෙන්නේ එම කැබිනට් යෝජනාවයි.
‘පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඇති වූ ගංවතුර හේතුවෙන් වියළි කලාපයේ ප්‍රධාන වාරි යෝජනා ක්‍රම කිහිපයකට දැඩි හානි සිදු වීම හේතුවෙන්, එම යෝජනා ක්‍රමවල වගා ඉඩම් සඳහා ජලය නිකුත් කිරීමට දැඩි බාධාවන් පැන නැඟී ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය යෝජනා ක්‍රමය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය හා ගිරිතලේ වාරි ව්‍යාපාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව හා රාජාංගනය යන වාරි යෝජනා ක්‍රමවල ඇළ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2025 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. එකී ප්‍රතිපාදන භාවිත කරමින් ඉහත සඳහන් වාරි ව්‍යාපාරවල පහත සඳහන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* මින්නේරිය වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය හා ජලාපවහන ඇළ මාර්ග පිළිසකර කිරීම – රුපියල් මිලියන 300
* ගිරිතලේ වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය පිළිසකර කිරීම – රුපියල් මිලියන 200
* ගල්ඔය යෝජනා ක්රමයේ ගංවතුර හානි හා කැඩී ගිය ඇළ පද්ධති පිළිසකර කිරීම – රුපියල් මිලියන 900
* හුරුළුවැව වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය හා ජලාපවහන ඇළ මාර්ග පිළිසකර කිරීම – රුපියල් මිලියන 300
* රාජංගනය වාරි ව්‍යාපාරයේ ගුරුත්ව හා උස්සාන වාරි පද්ධතීන්හි පිළිසකර කිරීම් සිදු කිරීම – රුපියල් මිලියන 300’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart