
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට ආණ්ඩුව චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් අන්තර්ජාතික මිනිස් ජාවාරම් කණ්ඩායම්වල දේශීය නියෝජිතයන් ලෙස කටයුතු කරන බව විදේශ රැකියා සහ කම්කරු ඇමැති මනූෂ නානායක්කාර අද(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයින් තායිලන්තයට ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අම්බලන්තොට මන්ත්‍රීවරයෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.
“නමුත් මේ වගේ අය උසාවියට ඉදිරිපත් කළාම තව ටික දවසකින් ඇප දෙනවා,” යැයි ඇමැතිවරයා පැවසීය.
ජාවාරමට හසුවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් තවමත් තායිලන්තයේ සිරවී සිටින බවද ඔහු කියා සිටියේය. විදේශ අමාත්‍යාංශයේ සහාය ඇතිව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart