
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය පොහොර ආනයනය සහ සැපයුම් දාමය පෞද්ගලීකරණය කිරීම සඳහා රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ජාතික ගොවි සංගමය චෝදනා කරයි.
එහි සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලක් පොහොර සමාගම සහ වාණිජ පොහොර සමාගම දැනට රටට අවශ්‍ය පොහොර තොග ආනයනය කර බෙදා හරින බවයි.
ඉදිරි කන්න සඳහා පොහොර ආනයනය කිරීමට රජය ප්‍රතික්ෂේප කිරීම මෙම ආයතන වසාදැමීමේ පළමු පියවර දැයි ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු රජයෙන් ප්‍රශ්න කළේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ රජය විසින් තෝරාගත් මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට පොහොර ආනයනය කිරීම ගොවීන්ට කරන විශාල අසාධාරණයක් බවයි.
යූරියා මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 280–300 අතර වන අතර, කිලෝග්‍රෑම් 50 ක යූරියා බෑගයක දේශීය වෙළඳපොල මිල දැනටමත් රුපියල් 10,000 දක්වා ඉහළ ගොස් ඇති බව ද අනුරාධ තෙන්නකෝන් පැවසීය.
පොහොර ඒකාධිකාරය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට භාරදෙන්නේ නම් මිල පාලනයෙන් මිදෙනු ඇතැයි ඔහු පවසයි.
එහි ප්‍රතිපලයක් ලෙස පොහොර මිල තවත් වැඩිවිය හැකි බවත්, වැඩි මිලට පොහොර මිලදී ගැනීමට ගොවීන්ට හැකියාවක් නොමැති බවත්, එබැවින් රජයේ මෙම ක්‍රියාකලාපය ගොවියා විනාශ කරන අතර ගොවිතැන ද විනාශ කරනු ඇති බවත් ඔහු චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart