
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රටේ වී ගොවිතැන 2021 වසරේදී කාබනික වගාව වෙත හදිසියේ මාරුකිරීම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ වී අස්වැන්න සියයට 50කට වඩා අඩුවීමට හේතුවී ඇති බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් 2021 අංක 7 දරන ආනයන අපනයන රෙගුලාසි පනවන ලද අතර, එමඟින් රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායන ආනයනය කිරීම තහනම් කරන ලදී.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනය (HARTI) විසින් 2020/21 සහ 2021/22 මහ කන්නයන් සංසන්දනය කරමින් සහල් නිෂ්පාදනය, ගෘහ ආර්ථිකය සහ ආහාර සඳහා පොහොර ප්‍රතිපත්ති වෙනස්වීම්වල ප්‍රතිවිපාක හඳුනාගැනීම සඳහා 2022 අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා සමීක්ෂණයක් පවත්වා ඇත.
මෙම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ වී ගොවීන්ගෙන් සියයට 03ක් පමණක් කාබනික ගොවිතැනට සම්පූර්ණයෙන්ම මාරුවීමට සහාය දක්වන අතර, සියයට 46ක් රසායනික යෙදවුම් පමණක් සුදුසු යැයි විශ්වාස කරන බවයි.
“2021/22 මහ කන්නයේ වී අස්වැන්න පෙර කන්නයට සාපේක්ෂව අඩකටත් වඩා අඩු වූ අතර එය බලාපොරොත්තු වූවාට වඩා විශාල අස්වැන්නක් අහිමි වීමකි. එබැවින් සම්පූර්ණ කාබනික වගාවක් කරා ගමන් කිරීම යෝග්‍ය හෝ තිරසර නොවීය.” යැයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart