
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අරගලය අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් නික්මයෑම සඳහා ඕමල්පේ සෝභිත හිමියන්ගේ සහාය ලබාගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව හිටපු ජනාධිපතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පැවැසීය.
ධූරයෙන් ඉවත් වන්නේ නම් ගෝඨාභය රාජපක්ෂට කටුනායකින් නික්ම යෑමට අවශ්‍ය කටයුතු සූදානම් කර දිය හැකි බවට උන් වහන්සේ උද්දාමයෙන් යුතුව තමන්ට කියා සිටි නමුත්, උන්වහන්සේගේ බසට අවනත වන්නට කාරණාවක් හිටපු ජනාධිපතිවරයාට නොතිබුණු බව ද සුගීෂ්වර බණ්ඩාර කීවේය.
ගෝඨාභය රාජපක්ෂට එසේ කලබලවීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු බවත්, එසේ කලබල වන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා 26 වැනි අගමැතිවරයා ලෙස පත්කරන අවස්ථාවේ ඕමල්පේ හිමියන් සියදිවි නසා ගන්නා බවට කළ තර්ජනය හමුවේ කලබලවීමට තිබූ බවත් හෙතෙම පැවැසීය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් කිහිපයක දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි බෙදාදීමකට පෙරේදා (13) එක් වෙමින් හෙතෙම මේ බව කීවේය.
“මේ දිනවල අතිශය ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත කුමන්ත්‍රණය නමැති ග්‍රන්ථයේ හෙළි නොකළ කතාව මා කියන්න කැමැතියි. ජාතික මදවාදී කඳවුරට නායකත්වය ලබා දෙන පිරිස අතර සහ එම මතවාදය එළියේ සිටින ජනතාවට සන්නිවේදනය කරන චරිතයක් ලෙස ගෞරවය දිනා සිටි ඕමල්පේ සෝභිත හිමියන් සම්බන්ධයෙන් “කුමන්ත්‍රණය” ග්‍රන්ථයේ 97 හා 98 පිටුවල සඳහන් කර ඇති කරුණු හේතුවෙන් වර්තමාන ජාතික මතවාදී කඳවුර තුළ සිටින ජුදාස් ලෙස උන් වහන්සේ පිළිබඳ මහජනතාව තුළ හැඟීමක් ඇති වෙලා තිබෙනවා. මෙම කාරණය සම්බන්ධයෙන් කලබල වූ ඕමල්පේ සෝභිත හිමියන් මගේ නම ඈඳා ගනිමින් ප්‍රසිද්ධ මාධ්‍යයේ ජනතාව වෙත අසත්‍ය කරුණු ප්‍රකාශ කරනවා. මෙවැනි අවස්ථාවක කාලයේ වැලි තලාව මත සැඟවී යෑමට තිබූ ඇතැම් සංවේදී කාරණා හෙළිකිරීම සිදුවෙනවා.
2022 ජූලි මස 09 වැනි දින මා ඇමතූ ඕමල්පේ සෝභිත හිමියන් හත් වන ජනාධිපතිතුමාට ධුරය හැර යන ලෙසට බල කරන බව සහ එසේ ධුරය හැර යන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නික්ම යෑමට අවශ්‍ය කටයුතු සූදානම් කර දීමට කටයුතු කරන බවට මා වෙත උද්දාමයෙන් කියා සිටියා. එය හත්වැනි විධායක ජනාධිපතිවරයාට ඒ බව දන්වන ලෙස ද දැනුම් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එසේ ඕමල්පේ සෝභිත හිමියන්ගේ බහට අවනත වීමට කාරණාවක් තිබුණේ නැහැ. කටුනායක ගුවන්තොටුපොළ භාවිත කිරීම සඳහා ඕමල්පේ සෝභිත හිමියන්ගේ සහාය ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් එතුමාට ඒ අවස්ථාවේ තිබුණේ නැති බව මා වගකීමෙන් කියන්න කැමැතියි.”
තමාගේ අනන්‍යතාව ඇති ජාතිකවාදී කඳවුර තුළ ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රතික්ෂේප වේ යයි පවතින බිය උන් වහන්සේගේ මේ සියලු ජනමාධ්‍ය සන්දර්ශනවලට හේතු වී තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart