June 13, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව තිබේ.

එහිදී හෙතෙම ප්‍රථමයෙන් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, හම්බන්තොට දිස්ත්‍රික් සඟ සමුළුවේ සහ කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, හෙළ බොදු බල එකමුතුවේ ගරු සභාපති මෙන්ම කතරගම පුරාණ කිරිවෙහෙර ඇතුළු සිව්මහා විහාරාධිපති, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා ආශිර්වාද ලබාගෙන ඇත.

ඉන් අනතුරුව ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියස පැවැත්වුණු විශේෂ පූජාවකට ද හිටපු ජනාධිපතිවරයා එක්ව තිබේ.

කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු කතරගම මහා දේවාල පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික අෂ්ඨඵල බෝධීන් වහන්සේ ද වැඳපුදා ගනිමින් හෙතෙම ආශිර්වාද ලබාගෙන ඇත.

මෙම ආගමික වතාවත්වලින් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහාසෙන් දේව මන්දිරය සහ දැඩිමුණ්ඩ දේව මන්දිරය වෙත ගොස්, රටටත් ජනතාවටත් සෙත් පතා දේව ආශිර්වාදය ද ලබාගත් බව වාර්තා වේ.