March 6, 2024

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ පොතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

මෙරට සමාජයේ විශේෂිත කොටස්වල සහභාගීත්වයෙන් සහ උනන්දුවක් දැක්වූ විදේශීය පාර්ශ්ව විසින් තමන්ව ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමට කළ කුමන්ත්‍රණය පිළිබඳ හිටපු ජනාධිපතිවරයා විසින්ම අදාළ ග්‍රන්ථය රචනා කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සමාජ මාධ්‍ය පළකිරීම් කිහිපයකට අනුව, ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ලෙස නම් කර ඇති එම ග්‍රන්ථය 2024 මාර්තු 07 වැනිදා එනම් හෙට එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

එහෙත් මේ වන තෙක් එම කෘතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්යාලයෙන් කිසිදු නිල පණිවිඩයක් නිකුත් කර නොමැත.