September 11, 2026

කුප්‍රකට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනීසිටින ලෙස දන්වා ඇති බව වාර්තා වේ.

මේ අතර, එම ගනුදෙනුවටම අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ඊයේ (10) පෙවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු එම පරිශ්‍රයෙන් පිටව ගිය බව වාර්තා වේ.