
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතුරුදන් කරන ලද මානව හිමිකම් සහ දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත්-කුගන් නඩුවේදී මාර්ගගත ක්‍රමයට සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමට අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණය හමුවේ ගොනුකර ඇත.
මීට පෙර ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණයෙන් මේ ඉල්ලීම සිදු කර තිබූ අතර, ඊට ලලිත්-කුගන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ විරෝධය දක්වා තිබිණි.
ආරක්ෂක හේතු මත ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිය නොහැකි බව පැවසුවද, ඔහුට ආරක්ෂක තර්ජනයක් නැති බව නීතිඥවරයා සඳහන් කර තිබිණි.
ඉන් පසු අධිකරණය නියෝග කර තිබුණේ මාර්ගගත ක්‍රමයට සාක්ෂි දීමේ ඉල්ලීමට සාධාරණ හේතු දක්වමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙසයි.
එම දිවුරුම් ප්‍රකාශය 6 දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
ඒ, පසුගිය දෙසැම්බර් මාසයේදී මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද නියෝගයකට අනුවය.
2019 අප්‍රේල් මාසයේදී යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලිකව පෙනීසිට මේ නඩුවේ සාක්ෂි දෙන ලෙස මුලින්ම නියෝග කළද, ඔහු එහි පැමිණියේ නැත.
2019 සැප්තැම්බරයේදී ඔහු ඊට හේතු ලෙස දැක්වූයේ ප්‍රතිකාර ගැනීමට විදේශගතවීමය.
ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුට හිමි වූ ජනාධිපති මුක්තිය භාවිත කරමින් අධිකරණය ඉදිරියේ සාක්ෂි දුන්නේ නැත.
ඊට එරෙහිව පැමිණිලි පාර්ශ්වය අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.
2011 දෙසැම්බර් 9 දා ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කරනු ලැබීය.
ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වී ඇත්තේ දෙසැම්බර් 9 දා පස්වරු 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට සාක්ෂි ඇත.
යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවෙසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ ප.ව. 5.00ට පමණය.
පසු දින, එනම් දෙසැම්බර් 10 දා ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවක සංවිධාන කටයුතුවල ඔවුහු යෙදීසිටියහ.
කුගන්ගේ අසල්වැසියන් පවසන ආකාරයට ඔවුන් ප.ව. 5.00ට පමණ නිවෙසින් පිටත්ව ගොස් තිබේ.
එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart