
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ, ඔවුන් ජනාධිපති සහ ආරක්ෂක ඇමැතිවරුන්ව සිටියදී තමිල් මක්කල් විදුතලෙයි පුල්ලික්කල් (TMVP) සාමාජිකයන්ට අඛණ්ඩව මුදල් ගෙවූ බව TMVP හිටපු ප්‍රකාශක අසාද් මවුලානා ප්‍රකාශ කර ඇත.
මෙරට ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් අසාද් මවුලානා පවසා ඇත්තේ, යුද්ධයේ අවසන් අදියරේදී TMVPයට මිලියන ගණනින් මුදල් ගෙවූ නමුත්, එය පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අඩුකරන ලද බවයි.
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී TMVP ප‍්‍රතිපාදන අඩු කළ බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටියදී එම අගය තවත් පහළ ගිය බවත් ඔහු අනාවරණය කර ඇත.
TMVPයට කොපමණ මුදලක් ගෙවා ඇත්දැයි ඇසූ විට මවුලානා පවසා ඇත්තේ, එක් අවස්ථාවක එම අගය රුපියල් මිලියන 03ක් සහ රුපියල් මිලියන 06ක් වැනි අගයන් වූ නමුත් පසුව එය විශාල ලෙස අඩුවූ බවයි.
TMVP සංවිධානයේ නාම ලේඛනයක් ආරක්ෂක බලධාරීන්ට ලබාදී මඩකලපුවේ ස්ථාන 03කදී මෙලෙස මුදල් ගෙවා ඇති බව ඔහු හෙළිකර ඇත.
මවුලානා TMVP වෙනුවෙන් මුදල් එකතු කර TMVP නායක සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වෙත ඒවා භාරදී තිබේ.
මුල් ලැයිස්තුවේ 15 දෙනකු පමණක් සිටි නමුත්, ඇතැම් අවස්ථාවලදී TMVPය ව්‍යාජ නාම ලේඛනද = ලබා දුන් බව මවුලානා කියා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart