August 31, 2026

පසුගිය කාලය පුරා උකුල ප්‍රදේශයේ ඇතිවු ආබාධයක් හේතුවෙන් සුවය ලබමින් සිටි ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි රෂ්මිකා මන්දනා, සිය රසිකයන් වෙත තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඇයගේ ඉදිරි ‘Mysaa’ චිත්‍රපටයේ නර්තන ජවනිකාවක් රූගත කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති අතර, ඇයගේ දකුණු උකුළේ කොටසකට හානි වීම නිසා ඇයට තාවකාලිකව රූගත කිරීම්වලින් ඉවත්වීමට සිදුවිය.

මෙම කාලය තුළ තමා නිවසේ ගතකළ ආකාරය සමාජ මාධ්‍ය හරහා බෙදාහදා ගත් රෂ්මිකා, පූජා පැවැත්වීම, සුරතලා සමඟ කාලය ගතකිරීම සහ උද්‍යානයේ විවේකීව ගතකිරීම වැනි සරල දේවලින් කාලය ගතකළ බව පවසා ඇත.

කෙසේවෙතත්, යළි රූගත කිරීම් සඳහා සූදානම් වන බවද ඇය සටහන් කර තිබේ.

ඇයගේ ඉදිරි චිත්‍රපට වන ගොන්ඩ් ප්‍රජාවේ පසුබිමක නිර්මාණය වූ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන Mysaa සහ විජය දේවකොණ්ඩා සමඟ රඟපාන බ්‍රිතාන්‍ය යුගයේ තෙළිඟු නාට්‍යයක් වන ‘Ranabaali’ සැප්තැම්බර් 11 නිකුත්වීමට නියමිතය.