
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 210 ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් මෙම රත්රන් තොගය වාහන අමතර කොටස් තුළ සඟවා ගුවන් තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වෙන්කර ඇති “Red Channel” හරහා ගෙන ඒමට උත්සාහ කර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු සහ මහනුවර රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු බව වාර්තා වේ.
දැනට සිදුකර ඇති පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරුවන් දෙදෙනාම දේශීය ව්‍යාපාරිකයන් වෙනුවෙන් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට විවිධ භාණ්ඩ රැගෙන ඒමේ නිරතව සිටින බවයි.
සැකකරුවන් දෙදෙනා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-650 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබේ.
රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ගමන් මලුවල සඟවා තිබූ කිලෝග්‍රෑම් 6.7 ක් බරැති රත්‍රං තොගයක් සොයාගෙන ඇත.
වාහන උඔආංග දෙකක් තුළ සඟවා තිබූ රන් බිස්කට් 21ක් මෙන්ම වාහනයක සිසිලන පද්ධතියේ කොටස්වලට, විශේෂයෙන් ජල පොම්ප සංරචකවලට සමාන වන පරිදි උණු කොට හැඩ ගැන්වූ රත්‍රං කුට්ටි කිහිපයක් ද ඒ අතරට අයත් බව පැවැසේ.
රත්‍රං තොගය සමඟ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart