
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශයට පත්කළ තීරුබදු ප්රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ තිබේ.
අද දිනය වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 3,218.07ක උපරිමයකට ළඟා විය.
මෑත මාස කිහිපයක කාලය තුලදී ගෝලීය රන් මිල දිනෙන් දින ඉහළ යමින් තිබේ.
අද දිනයේ රන් මිල 3% කින් පමණ ඉහළ යන ලදී.
ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා ඇමෙරිකාව සහ චීනය අතර ඉස්මතුවෙමින් පවතින වෙළඳ යුද්ධය ප්රධාන ස්ථානයක් ගෙන තිබේ.
ශ්රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 235,500ක් වන අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් 256,000ක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart