
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක වෙළෙඳපොළේ රන් මිල ප්‍රථම වරට අවුන්සයකට ඩොලර් 5,000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව 2025 දී රත්රන්වල වටිනාකම 60%කට වඩා වැඩි වී ඇත.
මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ නේටෝව අතර ආතතීන් මූල්‍ය හා භූ දේශපාලනික අවිනිශ්චිතතාව පිළිබඳ ඉහළ යන කණස්සල්ලට හේතු වී ඇති හෙයිනි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්ති ද වෙළඳපොළ කණස්සල්ලට පත්කර ඇත.
චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුනහොත් කැනඩාව මත 100%ක තීරුබදු පැනවීමට සෙනසුරාදා ඔහු තර්ජනය කළේය.
රන් සහ අනෙකුත් වටිනා ලෝහ අවිනිශ්චිත කාලවලදී ආයෝජකයන් මිලදී ගන්නා ආරක්ෂිත වත්කම් ලෙස සැළකේ.
රන් සඳහා ඇති ඉල්ලුම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ උද්ධමනය, දුර්වල එක්සත් ජනපද ඩොලරය, ලොව පුරා මහ බැංකු විසින් මිලදී ගැනීම සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය මෙම වසරේ නැවතත් පොලී අනුපාත අඩු කරනු ඇතැයි අපේක්ෂා කිරීම ඇතුළු තවත් සාධක ගණනාවක් මගින් ද මෙහෙයවනු ලැබේ.
යුක්රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ මෙන්ම වොෂින්ටනය වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීම ද රන් මිල ඉහළ යෑමට උපකාරී වී තිබේ.
සිකුරාදා රිදී මිල පළමු වරට අවුන්සයක් ඩොලර් 100 ඉක්මවා ගිය අතර, එය පසුගිය වසරේ 150%කට ආසන්න වැඩිවීමක් පෙන්නුම් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart