
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍ය ස්ථාන මාරුකිරීමේ ක්‍රියාවලියේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා නිවැරදි කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අප්‍රේල් 2 වැනි දින නැවතත් දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇත.
පශ්චාත් සීමාවාසික ස්ථානගත කිරීම් සහ දුෂ්කර සේවා මාරුකිරීමේ ලැයිස්තු වලට දේශපාලන බලපෑම් එල්ලවී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාර්තු 31 වන දින දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් පැවැත්වූ අතර, එය ඊයේ උදෑසන 8ට අවසන් විය.
ඉන් පසුව GMOA විසින් තත්වයන් සමාලෝචනය කිරීම සඳහා හදිසි විධායක කමිටු රැස්වීමක් පවත්වන ලදී.
GMOA ට අනුව, දේශපාලන මැදිහත්වීම් සහ පිළිගත් ක්‍රියාපටිපාටි උල්ලංඝනය කරමින් සිදුකරන ලදැයි කියනු ලබන අඛණ්ඩ අත්තනෝමතික තීරණ සහ මාරුකිරීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳව එම රැස්වීමේදී කනස්සල්ල මතුකර ඇත.
මෙම ගැටළු නිවැරදි කිරීමට සහ නීත්‍යානුකූල ක්‍රියාවලියක් ඔස්සේ ඒවා යථාතත්ත්වයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති නමුත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට GMOA චෝදනා කරයි.
සමාලෝචනයෙන් පසුව, දේශපාලන මැදිහත්වීම් ඉවත්කරන ලෙස සහ චෝදනා එල්ල වී ඇති අක්‍රමිකතා නිවැරදි කරන ලෙස ඉල්ලා අද(අප්‍රේල් 2) පෙ.ව. 8.00 සිට දිවයින පුරා තවත් එක්දින සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට GMOA තීරණය කළේය.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාවට සිදුවන ඕනෑම අපහසුතාවයක් සඳහා වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් සතු වන බව GMOA පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart