November 27, 2026

නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.

අද (27) පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

2027 අයවැය හරහා සිය දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින්, ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ මෑතකදී පැවති සාකච්ඡාවෙන් සිය ගැටලුවලට සෑහීමකට පත්විය හැකි විසඳුම් ලබා ගැනීමට නොහැකි වූ බව පවසමින් වෘත්තීය සමිති මෙම වැඩවර්ජනය දියත් කිරීමට තීරණය කර තිබේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගීත්වයේ ස්වභාවය මෙතෙක් නිශ්චිතව දක්වා නොමැත.