November 27, 2026

අද (27) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනකු තුවාල ලබා ඇති අතර, ඉන් පස්දෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ අවිස්සාවේල්ල සිට රත්නපුර දෙසට ධාවනය වූ බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් රත්නපුර–අවිස්සාවේල්ල මාර්ගයේදී මෙලෙස ගැටී ඇති බවයි.

තුවාල ලැබූ 16 දෙනාම රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කර ඇති පුද්ගලයන්ගෙන් පස්දෙනකු බරපතළ තත්ත්වයේ පසුවන අතර, සෙසු 11 දෙනා සුළු තුවාල ලබා ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.