
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොංගෝ රාජ්‍යයෙන් ආරම්භ වූ මාරාන්තික ඉබෝලා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය වශයෙන් ඇති විය හැකි අවදානම තවදුරටත් පහළ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව කියා සිටියේ ප්‍රංශයෙන් ද පළමු ඉබෝලා ආසාදිතයා වාර්තා වීමත් සමඟය.
ප්‍රංශ සෞඛ්‍ය අංශ නිවේදනය කළේ සිය රට තුළ හඳුනාගත් පළමු ඉබෝලා රෝගියා වෛද්‍යවරයකු බවයි. ඔහු මෑතකදී දරුණු ලෙස ඉබෝලා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින කොංගෝ රාජ්‍යයේ සිට ගුවන් මඟින් ප්‍රංශය බලා පැමිණ ඇත.
වත්මන් වෛරස් ව්‍යාප්තිය හමුවේ අප්‍රිකානු මහද්වීපයෙන් පිටත (උගන්ඩාව හැර) වාර්තා වූ පළමු උණ රෝගී තත්ත්වය මෙය වේ.
ප්‍රංශයෙන් වාර්තා වූ මෙම පළමු සිදුවීම සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් අනතුරු ඇඟවීය.
“මෙහිදී අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ලෝකයේ සෙසු රටවලට මෙයින් ඇති විය හැකි අවදානම ඉතා පහළ මට්ටමක පවතින්නේ,” ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙම සිදුවීම වෛරස් මර්දන පෙරමුණේ සිටින සෞඛ්‍ය ක්‍රියාකාරීන් මුහුණ දෙන අවදානම නැවත සිහිපත් කරන්නක් බව ඔහු පෙන්වා දුන්නේය.
“දැනටමත් සෞඛ්‍ය සේවකයන් 80කට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ඔවුන් මුහුණ දෙන අවදානම සහ ආසාදන වැළැක්වීමේ පියවර තවදුරටත් ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කමයි,” සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පැවසීය.
ප්‍රංශයෙන් හමු වූ මෙම රෝගී වෛද්‍යවරයා ‘ඇලිමා’ නමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන වෛද්‍ය සංවිධානයක සේවය කළ අයෙකු බව එම සංවිධානය තහවුරු කර ඇත.
ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ රෝගියා කිංෂාසා නුවර සිට වාණිජ ගුවන් යානයකින් ප්‍රංශයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී ඔහුට හිසරදය හැරුණු විට වෙනත් කිසිදු බාහිර රෝග ලක්ෂණයක් මතු වී නොතිබූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart