
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
13 වන ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඒ ඒ දේශපාලන පක්ෂවලට ඇති යෝජනාවන් අගෝස්තු 15 වැනිදා හෝ ඊට ප්‍රථම ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පසුගිය ජූලි 26 වැනි දින ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේ දී එයට එකගතාව පළ වූ බවයි.
ඒ පිළිබඳ ලිපිය ජනාධිපති ලේකම්වරයා මේ වන විට පක්ෂ නායකයන් වෙත යොමු කර ඇත.
පසුගිය මාසයේ පැවැති සර්ව පාක්ෂික සමුළුවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ පොලිස් බලතල හැර අනෙකුත් සියලුම බලතල සභාවලට ලබාදිය හැකි බවයි.
දෙමළ ජාතික සන්ධානය පසුගිය සාකච්ඡාවල දී පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට දැඩි ස්ථාවරයක පසුවිය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඊළඟ සැසිවාරය කැදවීමේදී, විශේෂ ප්‍රකාශයක් කරන බවටද, එහිදී පළාත් සභාවලට සියලු බලතල ලබාදිය හැකි වැඩපිළිවෙළක් ප්‍රකාශ කරන බවටද වාර්තා වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart