April 12, 2024

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගමන්ගත් දොළොස් හැවිරිදි දැරියක එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යෑමේදී දුම්රියෙන් වැටී ඇතැයි පොලිසිය කියයි.

බරපතල තුවාල ලබා දැරිය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත.

දුම්රිය මැදිරිය තුළ ආහාර ගෙන පසුව ජනේලයෙන් අත පිටට දමා සේදීමට යෑමේදී ඇය දුම්රියෙන් ඇදවැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

දැරියගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා ඇය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලෙන් පොළොන්නරුව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

කටුපත කැකුණුගොල්ලේ ඥාති නිවසකට ගොස් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී මෙම දැරිය අනතුරට මුහුණපා ඇති බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. (ලංකාදීප)