
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඝානා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි නායකයා(The Majority Leader) වන ඔසෙයි ක්යෙයි-මෙනාෂ් බොන්සු ප්රකාශ කර ඇත්තේ ශ්රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරෙන්නට ප්රබලම හේතුව, ශ්රී ලංකා මහ බැංකුවට ආර්ථිකයට සහාය ලබාදීමට හැකියාවක් නොමැතිවීම බවයි.
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයකට ගොදුරුවී ඇති නමුත්, ඊට සහායවීමට මහ බැංකුවට නොහැකි වීම නිසා රටේ තත්ත්වය නරක අතට හැරී ඇති බවත්, යථා තත්ත්වයට පත්වීමට තවම නොහැකි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කර ඇත.
ඔහු පෙන්වාදෙන්නේ, රට යම් දුෂ්කරතාවලට මුහුණදෙන විට මහ බැංකුව ඒ සදහා මැදිහත් විය යුතු වන අතර, මහ බැංකුව විසින් ගොඩනගා ඇති විදේශ සංචිත නොවන්නේ නම් රටකට දුක්විඳීමට සිදුවන බවයි.
රටක මහ බැංකුවක් දේශපාලනීකරණය කිරීම රටට උචින නොවන බවත්, ඔහු වැඩිදුරටත් ප්රකාශ කර ඇත.
සිය රටේ මහ බැංකුව පිළිබඳ අදහස් පළකිරිමකදී ඝානා නායකයා මෙලෙස ශ්රී ලංකාව උදාහරණයට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart