
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඖෂධීය පැළෑටියක් ලෙස ගංජා වගා කිරීම නීතිගත කිරීමේ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ප්‍රකාශ කළේය.
ඖෂධීය පැළෑටියක් ලෙස ගංජා වගා කිරීමට අනුමැතිය ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ 2027 න් පසු ආයුර්වේද ඖෂධ පැළෑටි අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම තහනම් කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ දේශීය හා ආයුර්වේද පිළිවෙත්වලට තර්ජනයක් වන බව ඉන්දියාව නිවේදනය කර ඇති බවත්ය.
ඉන්දියාව ඖෂධ ලෙස පමණක් ඖෂධ පැළෑටි අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඖෂධ පැළෑටි අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම තහනම් කිරීමට ඉවුන් සූදානම් වෙනවා. අපි ඖෂධීය පැළෑටි වාණිජ භෝග ලෙස වගා නොකිරීම නිසා අපේ දේශීය සහ ආයුර්වේද ක්‍රම අර්බුදයට යනවා” යැයි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart