
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය සතු සමාගමක් වන සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ජනාධිපතිවරයා යටතේ ඇති ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශ ශීර්ෂය යටතට ගෙන පවරාගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පවරාගැනීම සිදුකර ඇත.
අධිවේගී මාර්ග ඉදිකිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් 2020 ඔක්තෝම්බර් මාසයේදී පිහිටුවන ලද ‘සහස්යා’ (Sahasya Investments Ltd (SIL)) නම් රජය සතු සමාගම වෙත මාරු කිරීමට පසුගියදා ඇමැති මණ්ඩල අනුමැතිය ලබාදුන්නේය.
සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශීර්ෂය යටතේ පැවතියේය.
සහස්යා හරහා අධිවේගී මාර්ග කළමනාකරණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPP) යටතේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව රජය සළකා බලමින් සිටින බව වාර්තා වේ.
එසේම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර පැවතියේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart