August 1, 2024

‘ගාසා ළමා අරමුදලට’ පරිත්‍යාග භාරගැනීම 2024 ජූලි 31 වැනිදායින් නතර කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, වැඩිදුර දායකත්වය ලබානොදෙන ලෙස මහජනතාවට උපදෙස් දී ඇත.

එම දිනයෙන් පසු ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට යවන ඕනෑම තැන්පතුවක් සමාජ සුබසාධන කටයුතු සඳහා යොදවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීම සඳහා “ගාසා ළමා අරමුදල” ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලදී.